2006 අංක 49 ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය හේතුවෙන් සමස්ත ලංකාවේ රාජ්‍ය සේවකයන්ට මෙන්ම කොන්ත්‍රාත් සහ ටෙන්ඩර් හරහා තම ජීවිකාව ගෙනයන ව්‍යාපාරිකයන්ට සල්ලි ගරාගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසුනි. බොහෝ දෙනෙකු කතා කරනුයේ හොරකම නැවත්වීමට වුවත් මහින්ද රාජපක්ෂ මහතා විසින් හදුන්වා දුන් මෙම දූෂිත ක්‍රමය නිසා හොරුන්, දූෂිතයන් බිහි විය. හොරුන්ට දඩුවම් දීමට කතා කරණ සියලුම දෙනාට නොදකින පැත්ත නම් එම දූෂිත ක්‍රමය වහාම අහෝසි කිරීමයි.
වෙනත් සියලුම ආයතනවල ඉන්ජිනේරු අංශයන් සිදුකරන්නා සේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝවේද විවිධ දූෂණ, වංචා මෙන්ම දේශපාලන වුවමනාවන් නිසා විනාශ වෙමින් රටට බරක් වෙමින් පවතින බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට එහි ඉංජිනේරු අංශයේ වරදින් නොහොත් දූෂිත කොමිස් ගැහිල්ල නිසා බස් රථ ගනනාවක්ම අක්‍රිය තත්වයේ පවතී. උදාහරනයක් ලෙස ගත්විට අධිවේගී මාර්ගයේ ගමන් කරනා බස් රථය එක දිගට සතියක් වැඩ කර නැති අතර හේතුව ලෙස අනාවරණය වන්නේ රුපියල් 1500.00 ක් හෝ ඒ හා ආසන්න වටිනාකමින් යුත් අමතර කොටසක් ඉංජිනේරු අංශයට අවශ්‍ය වෙළද ආයතනයෙන් මිලදී ගැනීමට නොතිබීමයි. නමුත් එම බස් රථයේ දිනක අදායම රුපියල් ලක්ෂ 1.5 කට පමණ බව කිය වේ. දින 7 ක ආදායම යනු ලක්ෂ 10 ට වැඩිය. 1500 ක් සහ තමන්ගේ රුපියල් 150ක් පමණ වන කොමිස් මුදලක් වෙනුවෙන් හෝ එම අක්‍රීය වූ අමතර කොටසම අලුතින් ලබා ගත්තා සේ යොදා රුපියල් 1500 ක් ගැනීම වෙනුවෙන් හෝ කටයුතු කිරීමෙන් අපට පෙනෙන්නේ එම ඉංජිනේරු අංශයේ සාමාජිකයන් තමන්ගේ දු දරුවන්ටත් කෑමට බීමට දෙන්නේ මෙසේ දූෂිත මුදල් බවයි. එසේ කරමින් ලබා ගන්නා මාසික වැටුපද දූෂිත වැටුපකි. ( කෙසේ වෙතත් මෙම මිල ගණන් වෙනස විය හැකිය)
එසේම තවත් දූෂිත ගනුදෙනු රාශියක් අප වෙත සාක්ෂි සහිතවම ලැබී තිබේ. මෙම ලංගම ඩිපෝවෙන් දිනකට දුරගමන් සේවා බස් රථ 11 ක් පමණ ක්‍රියාත්මක වන නමුත් පසුගිය දිනයක එම බස් රථ සියල්ලම එකම දිනයක ක්‍රියාත්මක වී නැති බවද වාර්තා වේ. එසේම බස් රථ වලද ඩිසල් නිකුත් කිරීමේදීද වංචා දූෂණ අක්‍රමිකතා රාශියක් සිදුව තිබෙන නමුත් තක්කඩි දේශපාලන හේතුන් නිසා ඒවා සෙවීමට නිසි බලධාරියෙක් නැති බවද වාර්තා වේ. විශේෂයෙන්ම මෙම ඩිපෝවේ කටයුතු සිදුවන්නේ රස්තියාදුකාර ක්‍රමයකට බව දීර්ඝ කාලයක සිට අප වෙත තොරතුරු ලැබී තිබේ. එසේම විවිධ අක්‍රමිකතා හේතුවෙන් ගොඩකවෙල පොලිසියට පැමිණිලි ඉදිරිපත් වුවත් දේශපාලන ඇගිලි ගැසීම් නිසා ඒවා නිසා ලෙස විභාග කිරීමටද පොලිසියටද ඉඩ නොදෙන බවද වාර්තා වේ. කෙස් වෙතත් ඒ පිලිබදව තහවුරු කරගැනීමට ගොඩකවෙල පොලිස් ස්ථානාධිපතිවරය සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කලද ඔහු අධිකරණයට ගොස් තිබු බැවින් එය තහවුරු කරගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත් මේ වන විට ගොඩකවෙල බස් ඩිපෝවේ මහජන සේවය අවට පිටාවේ සිටින මහජනතාවට නිසි ලෙස නොලැබෙමින් පවතී. එසේම ඉදිරියේදී මෙම බස් ඩිපෝව වැසි යාමේ අවධානමක්ද ඇතිව තිබෙන්නේ එහි ඉන්ජිනේරු අංශයේ දූෂිත ක්‍රියාවන් හේතුවෙන් බව පෙනී යයි. එසේ නම් එය රැක ගැනීමට කටයුතු කිරීම අවට ජනතාවගේ වගකීමක් වන අතර අවට ප්‍රදේශවලට ගමනාගමනය නිසි ලෙස නොලැබීමෙන් සිදුවන්නේ ගොඩකවෙල සහ පල්ලෙබැද්ද නගරවල ව්‍යාපාරික ස්ථානවලට ද දැඩි අලාභයකි.
එසේම වාර්තාවන ආකාරයට ලංකාව පුරාම එක ලංගම බසයකට සේවකයන් 25 කට වැඩ වැඩියෙන් සිටින බව ද වාර්තා වේ. ඉන් බොහෝ දෙනෙකු දේශපාලන පත් වීම්ය. එසේම මේ දේශපාලන බත් බැලයන් සියල්ලෝම එක එක ඇමතිවරුන්ගේ චක් ගොලයන් නිසා මෙසේ ලංගම ඩිපෝ විනාශ වෙමින් පැවතීමෙන් පෙනෙන්නේ දෙශාපාලඥයන් පමණක් මෙම විනාශයට වග නොකිය යුතු අතර ඔවුන්ගේ චක් ගෝලයන්ද විනාශයේ ප්‍රතිමූර්තීන් වේ.
එබැවින් රට ගොඩනැගීමට නම් ප්‍රතමව කල යුත්තේ දේශාපලන පක්ෂ විසින් ගොඩනගාගෙන තිබෙන වෘත්තීය සමිති සියල්ලම තහනම් කරමින් මහජනතාවගෙන් වැටුප් ලබන්නන් හට තමන්ගේ රැකියාව අකුරටම ඉටු කිරීමට අවශ්‍ය අණ පනත් පැනවීමයි. එසේම මෙසේ පාඩු ලබන සහ දූෂිත සේවකයන් සිටින සේවකයන් සොයා ඔවුන් දුර පළාත්වලට මාරුකර යැවිය යුතුය.
හිමාල් ඒකනායක.
බස්නාහිර පළාත් මාණ්ඩලික වාර්තාකරු විසිනි.