සුකේෂ් චන්ද්‍රෂේකර්, සුප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් යන අය ඉන්දීය අධිකරණය හමුවේ මුදල් විශ්‍රද්ධිකරණ චෝදනාවක් එල්ලව පවතින අතර එහි දී සිදුකරන ලද විමර්ශන තුළින් වැඩිදුරටත් හෙළි වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ජැකලින් ප්‍රකාශ කර ඇත්තේ සුකේෂ් වැලිගම ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගත් බව පැවසුව ද ඇය කිසිදිනෙක එහි ගොස් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සඳහන්ව ඇත්තේ මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනාවලින් බේරීම සඳහා තමන් සුකේෂ්ගේ අපරාධ ඉතිහාසය පිළිබඳව නොදන්නා බවට ජැකලින් අසත්‍ය ප්‍රකාශන සිදු කර ඇති බවයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජැකලින්ගේ, අමෙරිකාවේ සිටින සහෝදරියට ඉන්දියානු රුපියල් කෝටි 1.26ක් ලබා දී ඇති බවත්, ඕස්ට්‍රේලියාවේ සිටින සහෝදරයාට ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක් සහ ඉන්දියානු රුපියල් කෝටි 5.17ක ත්‍යාග ලබා දී ඇති බවත් ය.
එමෙන්ම ජැකලින් සිය දුරකථන දත්ත මකා දමා ඇති බවත් එතුළින් සාක්ෂි විකෘත්ති කිරීමේ චෝදනාවක් එල්ල වන බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.