යකඩ මුගුරකින් පහරදී සිය පියා ඝාතනය කළ සිදු වීමක් පිළිබඳව රත්මලාන ප්රදේශයෙන් වාර්තා වී ඇත.
පුත්රයා සිය මව සහ පියා සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් අදාළ පහර දීම සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
මෙම පහරකෑමෙන් අනතුරුව 70 වියෙහි පසු වූ පියා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර තුවාල ලැබූ මව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙසේ මියගිය පියා වසර 02 ක් පමණ රෝගාතුරව ඔත්පල වී සිටි අයෙක් බව ද වාර්තා වේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර පුත්රයා ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
රාවණා සටහන.
මෙම අවස්ථාවේ කුමක් සිදු වුවද මෙම පුත්රයා සිය අත් දෙකෙන්ම ඝාතනය කර තිබෙන්නේ තමන්ව ඇති දැඩි කළ පියාවයි.පියෙක් යනු දරුවන් කුඩා කළ සිට දහඩිය කඳුළු වගුරුවමින් ඔවුන් පෝෂණය කිරීමට මහත් වෙහෙසක් මහන්සියක් දරනා ඉතා දැඩි චරිතයකි.
ඔහුට අප වෙනුවෙන් ඇති ආදරය මෙපමණයි කියා පැවසාගත නොහැකි වුවද ඔහුගේ කරගැට පිරි අත් දෙක දෙස හෝ වෙහෙසී ඇති දෑස් දෙස බැලූ කළ අපට එය හඳුනා ගැනීමට හැකි වනු ඇත.
කෙසේ නමුත් මෙම සිදුවීමේ දී සැකකාර පුත්රයා සිදුකර ඇත්තේ අපගේ බෞද්ධ දර්ශනයට අනුව නම් ආනන්තරීය පාප කර්මයක්, මෙය ඔහුට කෙදිනකවත් ගෙවා නිම කළ නොහැකි පාප කර්මයක් බව ඔබත් අපත් දනිමු.
මෙවැනි සිදුවීම් තුළින් සමාජයට අපට ලබා දිය හැකි පණිවිඩය වන්නේ තම දෙමාපියන් කුමක් සිදු කළත් ඔවුන් ගැන කොපමණ කේන්තියක් ඇති වුවත් ඒ ක්ෂණයෙන් ඔබ අප සියල්ලන් සිහිපත් කළ යුත්තේ මේ අපිව මේ ලෝකෙට බිහිකරන්න ඇප කැප වූ දෙමාපියන් බවත්, අපව උස් මහත් කරන්න නොවිඳිනා දුක් කම්කටොලු රැසක් විඳි චරිත දෙකක් බවත් ය.
අප සමාජයේ කුමන තරාතිරමක සිටිය ද අප කෙදිනකවත් අමතක නොකළ යුතු මේ දෙමාපියන් නමැති චරිත දෙකට සැමදා ණය ගැතියි.