කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද (04) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.
මි.මී.50ට වැඩි තරමක තද වැසි තත්ත්වයක් සබරගමුව පළාතේ සහ මහනුවර ,නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඇති විය හැකි අතර අනෙක් ප්රේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී.50ක පමණ තද සුළං තත්ත්ව ඇති විය හැක.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මෙම ත්ත්වය යටතේ ගංවතුර සහ නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශයන්හි වාසය කරන ජනතාව ඉතාමත් විමසිල්ලෙන් පසුවිය යුතු බව ද අප මතක් කර සිටින්නෙමු.