අද (05) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්ට මි.මී.100 ඉක්මවූ තද වැසි ඇතිවන බවත් උතුරු පළාත තුළ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අද දිනයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ විටින් විට පැයට කි.මී.50ක පමණ තද සුළං තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෑඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.