එළඹෙන 20 වනදා සිට 2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන 15 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද නොවැළැක්විය හේතූන් නිසා අදාළ පරීක්ෂණය 20 වනදා පැවැත්වීමට තීරණය කළ බවයි අද (05) මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා සඳහන් කළේ.
විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට 2021 සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මෙම දිනවල සිදුකරමින් පවතින බවත් විෂයයන් කිහිපයක ඇගයීම් කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත් ය.