ගාල්ල පාපන්දු ලීගය මගින් සංවිධානය කර තිබු “රන් කුසලාන පාපන්දු තරඟාවලිය – 2022” නැමති තරඟාවලියේදී ගාල්ල සමගි නමැති ක්‍රීඩා සමාජයක් විසින් විනිසුරු වරයෙකුට අමානුෂික ලෙස පහර දී තිබේ. (FIFA විනිසුරු) R.A. තරංග මහතාට එල්ල කර තිබෙන එම පහරදීම සිදුව තිබෙන්නේ රත්ගම රෙඩ් රොබින්ස් හා බූස්ස සමගි ක්‍රීඩා සමාජය අතර පැවති අවසන් පූර්ව වටයේදීය. එහිදී ප්‍රධාන විනිසුරු R.A. තරංග මහතා රෝහල් ගත කර තිබෙන අතර ඒ පිළිබඳව ගාල්ල පොලිස්ථානයේ CIB (4) 223/123 යටතේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර දැනට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ B-01558/22 යටතේ නඩුවක් පවරා තිබේ. හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
එම පහරදීමෙන් පසුව මෙම ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් තහනම් කර තිබේ. නමුත් ඔවුන් ඊට පෙර දිස්ත්‍රික් තරඟ සදහා තේරී පත්ව තිබේ. කෙසේ නමුත් පාපන්දු සම්මේනලයෙන් එවා තිබෙන ලිපිය ප්‍රාදේශීය ලේඛම් සහ ගාල්ල දිස්ත්‍රික් ලේඛම් එම පිලිගෙන තිබුනත් දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකවරිය එම ලිපිය නොලැබුණු බව පවසමින් එම තහනම් කරන ලද ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට ඉඩ දෙන බව පවසා තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් ඇයට ලිපියක් එවමින් එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ නොදෙන ලෙස දන්වා තිබේ. එසේ ලිපියක් තිබියදීත් ක්‍රීඩා නිලධාරීන් ද එම කණ්ඩායමට ක්‍රීඩා කිරිමට විරෝදය පළකරමින් “ එම කණ්ඩායම තරඟ කළහොත් විනිසුරුවරුන් වර්ජනය කරන බව පවසා තිබෙන බව”, ප්‍රකාශ කලත් අධ්‍යක්ෂකවරිය “ ඒක අපි ඒ වෙලාවට බලාගමු “ ලෙස පවසා තිබේ. කෙසේ නමුත් තරඟාවලිය පැවැත්වෙන දිනට පෙර දින විනුසුරුවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ “ පහරදුන් කණ්ඩායම තරඟ කරන බැවින් විනිශ්චය සදහා ඔවුන් සහභාගි නොවන බවයි. දැන් ක්‍රීඩා අධ්‍යක්ෂකවරිය බලාගෙන සිටි.
අවසානයේ අධ්‍යක්ෂකවරියගේ උද්ධච්ච තීරණය නිසා ක්‍රීඩා කණ්ඩායම් 13 ක් පීඩාවට පත්ව සිටී. දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකගේ අන්තනෝමතික ක්‍රියාවලිය තුලින් එම සාමකාමී තරුණ කණ්ඩායම් 13 බලාපොරොත්තුවන ජාතික මට්ටමේ ක්‍රීඩා සඳහා සහභාගි වීමට තිබෙන අයිතිය නැති වෙමින් තිබේ. ඇයද වැඩ නොකරන රාජ්‍ය නිලධාරිනියක් බව මෙම සිද්ධියෙන් පෙනෙන්ට තිබෙන බැවින් ජනාධිපතිවරයා පවසන පරිදි ඇය ද “ ගෙදර යා යුතුය”
විනිසුරුවරුන්ට නැවත වරක් පහරදුන්නොත් ක්‍රීඩා අධ්‍යක්ෂකවරිය වගකියන්නේද?. වැරදි කරනු ලැබූ එක කණ්ඩායමක් වෙනුවෙන් නිවැරදි කණ්ඩායම් 13 කගේ අයිතීන් උල්ලංඝනය කරන්නේද?.
දකුණු පළාත් ආණ්ඩුකාර තුමනි, ඔබේ පළාතේ දරුවන් වෙනුවෙන් ඔබේ අවධානය පිණිසයි.