රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සියලු ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ලබන 19 වනදාට ප්‍රථම පිහිටුවා අවසන් කළ යුතු බවයි.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම නව රජයේ සාර්ව ආර්ථික පුනර්ජීවන ඉලක්කයන් අතර ප්‍රමුඛත්වය ලැබී ඇත.
එම වැඩසටහනට අදාළව දවයිනේ සියලු ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර ලෙස ශක්තිමත් කර ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය මෙන්ම ජාතික ආහාර සුරක්ෂිතතාව සිදුකිරීමට නියමිතව ඇත.
පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩලය විසින් යෝජනා ඉදිරිපත් කර ඇත්තේ, මෙම කටයුතු සඳහා ග්‍රාමීය මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රශස්ථ ඵලදායීතාවය ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර එම නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ය.
ඒ අනුව අදාළ යෝජනාවන්ට අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති අතර එම චක්‍ර ලේඛයට අනුව කටයුතු කරන මෙන් එම ක්ෂේත්‍ර නිලධාරීන්ට ද උපදෙස් ලබා දී ඇත.