මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ටාර් කන්තෝරුවේ පැරණි ලේඛන ලොරි 7 කින් ගෙන ගොස් ගිනි තබා විනාශ කර තිබේ . මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාද එම සිද්ධිය යට ගසා තිබෙන අතර එම කාර්යාලයේ ප්‍රධානි කාන්තාව රාජ්‍ය පරිපාලන විභාගය පවා අසමත් බවද වාර්තා වේ. එසේම එම පැරණි ලේඛන විනාශ වීමෙන් එම ප්‍රදේශයේ මේ වනවිට හොර ඔප්පු ලිවීමට පහසුව තිබෙන අතර එහි එක්තරා නීතිවේදියෙක් හොර ඔප්පු 250 කට වඩා මේ වන විට ලියා තිබෙන බවද වාර්තා වේ.
අනාවරණය කර තිබෙන වෙනත් පුවතක් නිසා එම ඉඩම් කන්තෝරුව පරික්ෂා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පසු ගිය දිනක පැමිණ තිබේ. නමුත් ඔහු පැමිණෙන බව දැනගෙන තිබෙන එම කාර්යාලයේ කටයුතු එදින පමණක් නිසි ලෙස සිදුකර තිබෙන බව ද වාර්තා වේ. එදින දහවල් 12 වන විට සියල්ලම අවසන් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙන අතර එක්තරා මාධ්‍යවේදියෙකුට පවසා තිබෙන්නේ එම පුවත බොරුවක් බවයි. නමුත් සාමාන්‍ය ජනතාවගේ ප්‍රකාශද අප ලබාගෙන තිබේ.
පැරණි ලේඛන ඉල්ලීම සදහා යන සියලුම වැසියන්ට ඒවා විනාශ වි තිබෙන බවට සටහන් කර ආපු ලබා එන බවද කිය වේ. එසේ විනාශ වූ බව පවසන ලේඛන සදහා සමහර නීතිඥවරුන් මෙසේ වෙනත් ඔප්පු සැකසීමෙන් සිදුවන්නේ අනාගත පරපුර නඩු ගනනාවකට මුහුණ දීම සහ ඉඩම් ප්‍රශ්න ගනනාවකට මුහුණ දීමට සිදුවනු ඇත.
මෙම සිද්ධිය පිලිබදව මධ්‍යම පළාත් සභාවේ සභිකයෙකු වූ මහාචාර්ය නීතිඥ අසංග තිලකරත්න මහතා පැමිණිල්ලක්ද කරමින් ඒ පිලිබදව පරීක්ෂණයක් සිදුකරන ලෙසද ඉල්ලා තිබේ.
එසේම මධ්‍යම පළාත තුල මහජන පීඩා, පාරිසරික විනාශයන් , රජයේ ඉඩම් නීති විරෝදී ලෙස විකිණීම, අනාගතයේ මුශ්ලිම් සහ දෙමල ජාතිවාදී අරගලයකට මෙන්ම ශ්‍රී පාදස්ථානය බෞද්ධ ජනතාවට අහිමි කිරීමේ සැලසුම් ගනනාවක් ක්‍රියාත්මක වෙමින් පැවතුනත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හෝ මධ්‍යම රජයේ බලධාරීන් හෝ බුද්ධි අංශ මේ පිලිබදව අවධනය යොමු කර තිබේද යන්න අප වෙත තොරතුරු වාර්තා වි නැත. නමුත් එම ප්‍රදේශයන් තුල ප්‍රශ්න ගනනාවක් ඇතිවෙමින් පවතී. කෙසේ වෙතත් මාධ්‍යම පළාත තුල වර්තමානය තුල සිදුවෙන බොහෝ කරනු අනාගත පරපුරක් ගැටුම් වලට යොමුවීමේ අවධානමක් තිබෙන බවට අප මීට පෙරද තොරතුරු වාර්තා කර තිබේ. නමුත් බලධාරීන් බොහෝ නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි.