උඩරට විවාහ සහ දික්කසාද නීතියේ සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ.
අදාළ පනත් කෙටුම්පත අදිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගැසට් කර ඇත.
බාල වයස්කරුවෙකුගේ විවාහය සඳහා නිසි බලධරයෙකුගේ කැමැත්ත ලබාගෑනීමේ අවශ්‍යතාව ඉවත් කර අතර එමඟින් උඩරට නීතියට යටත් සියල්ලන් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18 බවට මෙම නව පනත් කෙටුම්පත ඔස්සේ පත්කර ඇත.
පසුගිය අගෝස්තු මස පළමුවනදා උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය හිමි වූ අතර එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව ඇත.