රටේ සිවිල් ජනතාව වෙනුවෙන් අර්බන් සිටිසන්ස් සංවිධානයේ සභාපතිනිය වන ශර්මිලා ගෝනවෙවල මහත්මිය විසින් රටේ පාලකයන්ගේ ක්‍රියාවන් පිළිබඳ හෙළිදරව්වක් පසුගිය දිනක සිදු කරන ලදී.
ඇය පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්රඥප්තිය සඳහා 2004 මාර්තු මස 31 වනදා අත්සන් තැබූව ද මේ වන තෙක් එය මෙරට තුළ නීතිගත කර නැත.
මෙනිසා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා හුමුවේ මෙය 2004 වර්ෂයේ සිටම බලපැවැත්වෙන පරිදි නීතිගත කරන ලෙසට ඉල්ලීම් කර ඇත.
කෙසේ නමුත් මෙතුළින් පමණක් රටේ දූෂණ වංචා වැළැක්විය හැකි ද යන්න නම් එතරම් විශ්වසනීය කරුණක් නොවන බව ඔබත් අපත් හොඳින්ම දන්නා කරුණක්.ඒ රටේ සිටින බොහෝමයක් දේශපාලඥයන් දූෂණ වංචාවන්ට තිත තබනවා යනුවෙන් ජනතාව ඉදිඒියේ පැවසුව ද ඔවුන් තිරය පිටුපස දී තවත් එක් දේශපාලඥයෙක් පමණක් වෙමින් ඔවුන්ගේ ම රැහේ උදවිය ආරක්ෂා කරමින් තවදුරටත් වංචා දූෂණ අක්‍රමිකතා සිදු කිරීමට කටයුතු කරනු ලබයි.
වර්තමානය වන විට ජනතාව මෙය හොඳින් අවබෝධ කර සිටින නමුත් එවැනි පාලකයන් පාලනයෙන් පහ කළ ද යළිත් එම ආසනවලට එවැනිම බලයට කෑදර ධනයට කෑදර තම මල්ල තර කර ගැනීමේ අපේක්ෂාවන් ඇති පාලකකයන් ම පත් වීම අවසනාවට කරුණක්ව ඇත.
මෙම ක්‍රියාවලිය අඩපණ කිරීමට නම් සමස්ත පාලන ක්‍රියාවලිය තුළ ම ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතුව ඇති බව ඇය මෙහි දී පෙන්වා දී ඇත.