අද (15) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි තත්ත්වයක් ඇති වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ සමග පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි තත්ත්වයන් වාර්තා වේ.
එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර, සුළගේ වේගය පැ.කි.මී.20-40 ක් පමණ වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශ කළේ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බවයි.
දිවයින වටා වන සෙසු මුහුදු ්‍රදේශ මද වශයෙන් රළු ස්වභාවයක් ගත හැක.