කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද (18) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාගුණ තත්ත්වයක් පවතින බවයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී.(20-30) පමණ වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තූරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු ස්වභාවයක් ගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.