දුම්වැටිය කාන්තාවගේ ස්වාධීනතාව යේ සංකේතය වූ 19 සියවසට පිටුපසින් සිටින සිරි ලංකාවේ සමහර වැඩ දුටු විට නම් “ඩයනා ගමගේට” එකග වෙන්නත් පුළුවන්. නමුත් ඇය සිංහල බෞද්ධ සංස්කෘතියට ගහපු එක අනුමත කරන්න බෑ. දුම් වැටියක් උරපු ශිෂ්‍යාවක් පිලිබදව වන වීඩියෝව දැන් ජනගතවී අවසන්ය. මේ අපගේ හිතවතියක් වූ ලෝකයේ විශේෂ ස්ථානයක සිටින , නමුත් ශ්‍රී ලාංකික සංස්කෘතියට සහ උපන් මව් බිම අමතක නොකළ ටිකිරි සුභාෂනී මහත්මියගේ ලිපියකි. ඇයගේ ලිපියට අපද කරුණු එකතු කරමින් මෙම ලිපිය සකසා තිබෙන අතර දුම් බීම මහලොකුවට ගත් අපේ රටේ මාධ්‍ය සිටින්නේ කොහෙද යන්න අපටද ගැටලුවකි. නමුත් ස්ත්‍රී දූෂණ, පාසල් දරුවන්ට පහරදීම් ඇතුළු අසාධාරනකම් සිදුකරන පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අනෙකුත් බාලාපචාර කරන පුද්ගලයන්ගේ නම්, ගම් පවා ප්‍රසිද්ධ නොකරයි. ඒවාට විරුද්ධව ගත යුතු නීති ක්‍රියාමාර්ගද නිසි ලෙස නොගනී.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන දහස් ගනනාවක් මේ වන විට දූෂණය වී අවසන්ය. පාසල් නිල ඇදුමින්ම හෝටල් කාමර වලට දැරිවියන් අරගෙන ගොස් දූෂණය වන රටේ මේ දුම් බීම මාහ ලොකු දෙයක්ද යන්න අපට පෙනුනත් ඒ හෝටල් කාමර සහ හෝටල් නොපෙනීමෙන් කියවෙන්නේ ඒවා වාර්තා නොකරන මාධ්‍ය සහ ඒවා යටගහන සමහර පොලිස් නිලධාරීන් මුදලට යටත් වී ඇති බවයි. එසේම තහනම් මත්ද්‍රවය රට පුරාම විකිනෙද්දී එම සියලුම ප්‍රදේශවල පාහේ ඒවාට උදව් කරන කවුරු හෝ පොලිස් නිලධාරියෙක් සිටින රටක, රාත්‍රී සමාජ ශාලාවල කාන්තාවන් සහ පුරුෂ ජීවිත විනාශ වෙන් රටක මේ දරුවන් යන්නේද පාලකයන් පෙන්වන මාර්ගයේ බව තේරුම් ගැනීමට නොහැකිව සිදුකරන වාර්තාවන්වලින් වැඩක් තිබේද?.
“දුම් වැටියක් උරපු ශිෂ්‍යාවක් ..අන්‍යය තාවය සහිතව මාධ්‍යයෙන් හෙළිකරලා නිව්ස් පල කරන මාධ්‍ය ඉන්නේ 1845 ට පෙර ..
ලෝකයේ කාන්තාවෝ සමතැන් ඉල්ලන්න පටන් ගන්නේ 19 ශතවර්ෂයේ. දුම්වැටිය තුළ තිබුණු පුරුෂාධිපත්‍යය හිමිකර ගැනීම තමයි මේ ස්වාධීන වීමේ නැගිටීම් වල පිරිමින් සලිත කළ කොටස. දුම්කොළ සමාගම් මේ කරුණ හොඳින් වටහා ගන්නවා. මේ පින්තූරය අතීතයේ ඒ නැගිටීම් වලදී බාවිතා කළ එක පින්තුරයක්. ඔස්ට්‍රියාවේ දුම්කොළ සමාගම් මේ ගැන පළකරපු දැන්වීම් පවා අනතර්ජාලයේ පලවෙනවා.මේ ගැන සාහිත්‍ය බිහිවෙලා තියෙනවා. ස්වීඩනයේ සිටෙග් ලාර්සෝන් ලේඛකගේ “මිලේනියම් “යන තුන් ඈදුතු නව කථාව පදනම් වෙන්නේ ලිස්බෙත් සලන්ඩර් කියන කාන්තාවගේ චරිතය වටා. ලෝක ඉතිහාසයේ කාන්තාවන් පුරුෂාධිපත්‍යය ට අභියෝග කරමින් නැගිටින හැටි තමයි ඒ පොත් තුන විස්තර කරන්නේ.
ලංකාවේ කෙල්ලෙක් දුම් වැටියක් අත් දකින්න උරා බැලීම වරදක් කියලා හිතෙන තැනට එනකොට ලංකාවේ සමාජය හා මාධ්‍ය ඉන්නේ 1875 ට පෙර ආකල්ප වල කියලා පැහැදිලියි. ලංකාවේ ගැහැණිය වටහා ගන්න ඕන මේ කෙල්ල ගේ දුම් වැටිය පුරුෂාධිපත්‍යය ලංකාව තුළ වසර 150 කට පස්සේ පොඩ්ඩක් සලිත කරන්න සමත් වෙලා තියෙනවා කියලා. අපිට අපි ඉන්න තැන පැහැදිලි කරන්න ඒ ළමයාගේ ඒ ක්‍රියාව උදව්වක් වෙලා. ඒ ළමයා කලේ වැරද්දක් නම් එය නිවැරදි කරන්න දෙවැනි අවස්ථාවක් දීම ශිෂ්ට සමාජයක යුතුකම.
දුම්වැටි සෞඛ්‍යයට අහිතකරයි. ඒ ගැන විවාදයක් නැහැ. කාන්තාවෝ දාස් ගණනක් මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච රටක එය වසා තබාගෙන දුම්වැටියක් වෙනුවෙන් පුවත් මැවීම නින්දිත බව මාධ්‍යයට වැටහෙන්න ඕන. ආගමික නීතීන් දැඩි ආරාබි,තුර්කි රටවල ග්‍රාමීය කාන්තාවෝ පවා දුම්වැටි උරණවා. ඒ සමාජය පාසුගාමියි කියන ලංකාව එක වරක් කරපු අත්හදා බැලීමකට කෙල්ලෙක්ව දඬු කඳේ ගහනවා.
අපි කාන්තාවෝ ,මාධ්‍ය හැමෝම වටහා ගන්න ඕන මේ දේවලදී ලෝකයේ ආකල්ප එක්ක අපි ඉන්නේ ශතවර්ෂ එකහමාරක් පිටුපසින්..ඉතින් එයින් එහාට…මොනවා ද තව කියන්න ඉතුරු”.
ඒ නිසාමයි අප මුලින්ම සදහන් කලේ ශ්‍රී ලංකාවේ දූෂිත නොවූ සමාජයක්, කොටසක්, ප්‍රජාවක් සොයාගැනීමට අපහසු බව. මිරිස් කුඩු ගහගත්තු, එතනෝල් කාරයන් සහ රංජන් රාමනායක වැනි කාන්තාවන් සමග කෙලි ලොල් ජීවිත ගත කරන පුද්ගලයන් සිටින රටක මේ කෙල්ල කලේ වරදක් නම් එම වරදට දඩුවම් දිය යුත්තේ දුම් නොබොන අයයි. කිසිම වරදක් නොකරන අයයි. අධ්‍යාපන බලධාරීන් පවා සිතාගෙන සිටින්නේ රටේ අධ්‍යාපනය වැඩක් නැති බවටයි. එසේත් නොමැති නම් එය නිසි ලෙස කිරීමට ඔවුන් නොදන්නා බවයි. සියල්ලම දූෂිත රටක මේ ළමයෙක් සුරුට්ටුවක් බීමෙන්, එයට් විරුද්දව දඩුවමක් දෙන්නේ නම් අපට ලියන්නට තිබෙන්නේ, අධ්‍යාපන බලධාරීන් බිහිකරන්නේ අනාගත ගණිකාවක් බවයි.
එබැවින් පළමු රටේ පාලකයන් සහ තීරකයන් යහපත් විය යුතුය. ඉන් පසුව බාල පරපුර නියමිත මාර්ගයේ ගමන් කරනු ඇත. එසේ නොමැතිව වැරදි කර කර රටේ පුංචි එවුන්ට දඩුවම් කිරීමෙන් රටට බිහිකරන්නේ දූෂිත පරපුරකි. එම පරපුර බිහිකරන්නේ රටේ වැඩිහිටියන්මය.