ශ්‍රී ලංකාවේ වැඩිම අධ්‍යාපන සුදුසුකම් ඇතිව බඳවාගැනීම් සිදුකරන ආරක්ෂක හමුදාව වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. නමුත් මේ වන විට වැඩිම නීතිවිරෝදී කටයුතු සිදුකරන හමුදාව බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. එය රටක් ලෙස මෙන්ම මහජන ආරක්ෂාව කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකරන අතර අඩුම අධ්‍යාපන සුදුසුකම් සහිතව බදවාගැනීම් සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ එවැනි තත්වයක් දක්නට නැති නමුත් වංචා, දූෂණ සහ අක්‍රමිකතා සිදුකරනු ලබන ඒකක දෙකක් දක්නට ලැබේ. කෙසේ වෙතත් ඔවුන්ගේ විනයානුකූලභාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වඩා ඉහලින්ම තිබෙන අතර ශ්‍රී ලංකා නාවුක හමුදාවේද අංශ කිහිපයක වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා පැවතියත් එම ආයතන ඉතාම ඉහලින් පවත්වාගෙන යාමට ඒවායේ නායකයන් මානව වාදී ලෙස කටයුතු කරන බව අපට දන ගන්නට තිබේ.
යම් හමුදාවක් නීතිවිරෝදී ලෙස වැඩකටයුතු කරයි නම් පිරිහෙන්නේ එම හමුදාව හෝ ආරක්ෂක අංශය පමණක් නොවේ. සමස්ත රාජ්‍යයමය. ආරක්ෂක අංශ යම් වරදක් සිදුකළහොත් එහි වින්ධිතයන් වන්නේ සමස්ත රට වැසියන්මය. එසේම ජාත්‍යන්තරයට චුදිතයන් වන්නේද සමස්ත රටමය. නමුත් සියල්ලම නොමිලේ ලැබෙන, හමුදා නායකයන්ට එම ආයතන ආරක්ෂාකිරීමට අවශ්‍ය නැති අතර නියම හමුදා නායකයන් තම සේවා කාලය අවුරුදු 20 සම්පූර්ණ කර හමුදාවන් වලට සමුදෙයි. අවසානයේ ඉතිරිවන බහුතරයක් නායකයන් වන්නේ පෞරුෂත්වයක් නැති අයයි. එසේම එම ආයතනවලට බඳවාගෙන තිබෙන උපාධිදාරින්ට නිසි පුහුණුවක් නොලැබීම, ක්‍රීඩා සදහා බදවාගෙන තිබෙන භටයන්ටද නිසි පුහුණුවක් නොලැබීම ආදියද මෙම ආයතනවල ගරුත්වයට හානි සිදුවීමට බලපා තිබේ.
එසේ විවිද අයුරින් වගකීමක් නැති නාමමාත්රික නිලධාරීන් ලග හෝ භටයන් ලග දේශීයත්වයක් හෝ මව් බිම ආදරයක් නැති බව සහ පවතින නීතියට ඔවුන් ගරු නොකරන බවද අපට ලැබෙන තොරතුරු ඔස්සේ පැහැදිලිය. මේ අයුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිදුවන නීතිවිරෝදී කටයුතු ගනනාවක් අපට ලැබී තිබෙන අතර අපට දිනපතාම ලැබෙමින් පවතී. මේ සිද්දිය සිදුවන්නේ පසුගිය් 28 වැනිදාය. එම සිද්දියට පාදක වන්නේ කොරෝනා එන්නත ලබාදෙන සමයේ සිදු වූ සිදුවීමක් වන අතර කාරනාව වන්නේ එන්නත ලබා නොදී ලබා දුන් බවට දත්ත ඇතුලත් කර මුදල් ලබා ගත් බවට ගුවන් භටයෙකුට එල්ල කර තිබෙන චෝදනාවකි. එම සිද්ධිය පිලිබදව අප විසින්ම ලබා ගත් සම්පූර්ණ තොරතුරු තිබෙන අතර ගුවන් හමුදාව මගින් එහි විමර්ශන සිදුකර නිවැරදි මිනිසෙකු වැරදිකරුවෙක් බවට පත්කර එම ගුවන් භටයා ගුවන් හමුදාවෙන් නෙරපා හැර තිබේ. එම නෙරපීම අභියෝගයට ලක් කරමින් ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම වෙත පැමිණිලි කර තිබෙන අතර ඊට එරෙහිව නඩුවක්ද පවරා තිබේ.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විට දෙවරක් ඔහුගේ නිවසට කඩා පැන තිබෙන අතර අවසන් සිද්ධිය සිදුවන්නේ පසුගිය 28 වැනිදාය. මෙහි පහත සඳහන් ලිපියට අනුව ඔහුව ගුවන් හමුදාවෙන් ඉවත්කර තිබෙන්නේ 2022 01 29 වැනි දින සිටයි. නමුත් ඔහු ගුවන් හමුදා කදවුරින් පිටත්ව තිබෙන්නේ 2022 01 30 හෝ 29 දිනයි. එසේම මෙහි ගිය ගුවන් හමුදා භටයන් විසින් නිවැසින්ට බලපෑම් කරමින් ඔවුන් වීඩියෝ කල වෙනත් ජංගම දුරකතනයක් ගෙන එහි ඇති සියලුම රූප රාමු මකා දමා තිබෙන අතර නිවැසියන් සමග අරවුලක්ද ඇතිව තිබෙන බව ඔවුන් අප වෙත දැනුම් දී තිබේ.
එසේම පහත ලිපියට අනුව ඔහු ගුවන් හමුදාවට රාජකාරිය සදහා පැමිණ නැත්තේ 2022 01 31 දින සිටය. නමුත් ඉහත සදහන් ලිපිය නිකුත කර තිබෙන්නේ 2022 01 28 වන දින වන අතර 29 වන දිනයට පෙර නොහොත් පැය 24 ක් ඇතුලත ඔහු “ සේවය තව දුරටත් අවශ්‍ය නොවේ” යන ශීර්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු සිදුව තිබේ. අමු කා ඇත්තේ කවුද?. ගුවන් හමුදාපතිට මෙන්ම නීති අධ්‍යක්ෂක නියෝජන කරනුයේ රජයයි. නීතිවිරෝදී ලෙස කටයුතුකරන විට එහි අපකීර්තිය ලබන්නේ රජයයි. මේ කටයුතු නිසා අපකීර්තියට ලක්ව තිබෙන්නේ ද රජයයි. රජය අපකීර්තියට ලක් කරන පුද්ගලයන්ටද එරෙහිව කටයුතු කල යුත්තේ කෙසේද යන්න ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සදහන්ව තිබේ. ඒ අනුව නීති අධ්‍යක්ෂකටද, ගුවන් හමුදාධිපතිටද එරෙහිව අපරාධ නඩු ගොනු විය යුතුය.
එසේ නම් 40341 නායක ගුවන් භට සංඛ යන අය 2022 01 31 දින සිට ගුවන් හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකු වන්නේ කෙසේද?. ගුවන් හමුදාවේ නීති අධ්‍යක්ෂක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට ලියා ඇති ලිපියේද සදහන් වන්නේ ඔහු පලා ගිය පුද්ගලයෙකු ලෙසයි. මෙවන් නීතිවේදීන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තත්වය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. ගුවන් හමුදාවට මෙසේ නිවාසවලට ඇතුල්වීමට නම් සිවිල් පොලිස් නිලධාරියෙකු රැගෙන යා යුතුය. මෙය ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වුවත් මෙවැනි අවස්ථාවලදී සිවිල් පොලිස් නිලධාරියෙකු රැගෙන යා යුත්තේ ඇයිද යන්නවත් ගුවන් හමුදා පරිපාලන නිලධාරීන්ට නොතේරෙන බවද පැහැදිලිය. ඒවා තේරුම් ගන්නා ජේෂ්ඨ නිලධාරීන් ද සිටියත් බලය ඇත්තන් ඉතාම අඩු නිසා මෙවන් තත්වයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උදා වී තිබේ. ගුවන් හමුදාවේ සමහර නූගත් නිලධාරීන්ගේ නූගත් පරිපාලනය නිසා මෙසේ මහජන මුදල් නාස්තිකරමින් සිදුකරනු ලබන විනාශයන් වලින් සිදුවන්නේ දිගින් දිගටම ගුවන් හමුදාවේ විනාශය පමණි.
මෙසේ ඔහුගේ නිවසට පැමිණෙන්නේ ඔහුව අල්ලාගෙන යාමට වන අතර ඊට පෙර 0765414859 යන දුරකතනයෙන් ඔහුගේ බිරිඳට කතා කර ඔවුන් සිටිනා ස්ථානය විමසා ඇත්තේ බිරිඳගේ කරාතේ පන්තියට දරුවෙකු ඇතුලත් කරගැනීමට අවශ්‍ය බව පවසමිනි. ඔවුන් නිවසට පැමිණ සිටින ආකාරය පහත වීඩියෝවේ සඳහන් වන අතර එම වීඩියෝවේ අවසානයට වෙනත් ස්ථානයකදී සාමාන්‍ය ජනතාව ගුවන් හමුදාවට දක්වන විරෝධයක් දැකිය හැකිය. වර්තමාන ගුවන් හමුදාධිපති යටතේ මේ වන විට ගුවන් භටයන් සහ කාන්තාවන් විශාල ප්‍රමානයක් නීතිවිරෝදී ලෙස ඉවත්කර තිබෙන අතර අප මේ දිනවල ඔවුන්ගෙන් වීඩියෝ සාක්ෂි ලබාගනිමින් සිටි. ගිනි අවි පුහුණුව ලැබූ පුද්ගලයන් සිය ගනනාවක් නීතිවිරෝදී ලෙස සමාජයට මුදාහැරීමෙන් සිදුවන දැවැන්ත රාජ්‍ය රහස් ජනගත වීම පිලිබඳව ගුවන් හමුදාපතිගේ දැනීමේ පද්ධතියට නොදැනෙන අතර නීතියට අනුව වැඩ කිරීමට නොදත් නීති අධ්‍යක්ෂකටද එය දැනීමේ හැකියාවක් නැත. හේතුව නම් ඔවුන් නිසි හමුදා පුහුණුවක් නොමැතිව බඳවා ගැනීමට එකල සිටි මොලයක් නැති ගුවන් හමුදධිපතිවරුන් තීරණය කර තිබීමය. එහි වරද නීති අධ්‍යක්ෂකගේ නොව, රට ගැන දැනීමට, සිතීමට හැකි අයුරින් නිසි පුහුණුවක් ලබා නොදුන් හමුදා නායකයන්ගේය.
ඒ අනුව මෙම ගුවන් භටයා තමන්ට සිදු වූ අසාධාරණය පිලිබඳව නිසි නීති උපදෙස් යටතේ කටයුතු කරමින් සිටි. ගුවන් හමුදාධිපතිට, විනයාරක්ෂක අධ්‍යක්ෂට මෙන්ම නීති අධ්‍යක්ෂකට ද මාසික වැටුපක්, සහ නිල වාහන ආදිය ඇතුළු සියලු සැප සම්පත් ලැබෙන නමුත් ඔවුන් කරන වැරදි වලට ඔවුන්ට විරුද්ධව නීතියක් ක්‍රියාත්මක නොවන්නේ මේ රටේ ක්රමයේ වැරද්දක් නිසාය. එසේම ඒවාට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ගුවන් භටයන් මෙන්ම අසාදරණයට ලක්වන නිලධාරින්ද නොදන්නා බැවිනි. නමුත් වටිනා ආරක්ෂක හමුදාවක් තුල සිටින පරිපාලන නිලධාරීන් ඔවුන්ගේ පරිපාලනමය දුර්වලතා, නූගත්කම සහ ඔවුන්ගේ බලපුලුවන්කාරකම් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසන්නේ නම් එසේ කරන නායකයන් එම හමුදාවන් වලින් ඉවත් කල යුතුය. නමුත් එම ආයතන මතු පරපුර වෙනුවෙන් සුරක්ෂා කිරීම අපගේ වගකීමකි. එබැවින් ඉදිරියේදී ගුවන් හමුදාවේ සිදුවන ජාතික අරක්ෂාවට එරෙහිව සිදුවන, අපට සාක්ෂි සහිතව අනාවරණය වන සියලුම කටයුතුවලට එරෙහිව එම නායකයන්ට විරුද්ධව “ ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය” විසින් කටයුතු කරනු ඇත. එසේම ඒ සඳහා අප භාවිතා කරනුයේ Lerin Peiris V. Neil Rupasinghe ( Member of Parliament) 2000 Sri Lanka Report p.40 නඩු තීන්දුව මගින් මෙවැනි කරනා වලට මැදිහත්වීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවලට ලබා දී ඇති නීතිමය අයිතියද සමගින් බැව් වැඩි දුරටත් සදහන් කෙරේ.