ළමා දිනය යනු ලොව පුරා බොහෝ ස්ථානවල විවිධ දිනවල සමරනු ලබන උත්සවයකි. ජාත්‍යන්තර ළමා දිනය ජුනි 1 වන දින සමරනු ලබන අතර විශ්ව ළමා දිනය නොවැම්බර් 20 දිනට යෙදී ඇති අතර ශ්‍රී ලංකාව ළමා දිනය සමරන්නේ ඔක්තෝබර් 01 වැනිදාය.
අනිත් රටවල් ළමා දිනයක් සමරන්නේ වෙනත් දිනවලදීය. ජාත්‍යන්තර ළමා දිනය 1920 දී තුර්කියේ ආරම්භ වූ අතර පසුව 1925 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති ලෝක ළමා සුභසාධන සමුළුවේදී ආරම්භ විය.
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ දරුවන්ගේ දුක්ඛිත තත්වය බරපතල වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්මාණය කරන ලද නව ආයතනයක් මෙම දරුවන්ට ආහාර සහ ඇඳුම් පැළඳුම් සහ සෞඛ්‍ය සේවා සැපයීමට පියවර ගත්තේය.
1953 දී, UNICEF එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථිර කොටසක් බවට පත් වූ අතර, මිලියන ගණනක් ළමුන්ට බලපාන විකෘති රෝගයක් වන සහ පෙනිසිලින් සමඟ සුව කළ හැකි රෝගවලට එරෙහිව සාර්ථක ගෝලීය ව්‍යාපාරයක් ආරම්භ කළේය.
එසේම සැන් ෆ්රැන්සිස්කෝ හි චීන කොන්සල් ජනරාල්වරයා 1925 දී ඩ්‍රැගන් බෝට්ටු උත්සවය සැමරීම සදහා චීන අනාථ දරුවන් ගණනාවක් එක්රැස් කල බවද කියා වේ. ළමා දිනයක් පිලිබදව යෝජනාව ඉදිරිපත්කරන්නේද 8 ශ්‍රේණියේ ළමයෙකු වන රුබාබ් මන්සුර් විසින් වන අතර 1954 දී එක්ෂත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එය සම්මත අකරණ ලදී. විශ්ව ළමා දිනය නොවැම්බර් 20දින පැවැත්වෙන අතර එහි පරමාර්ථය වන්නේ ලෝකයේ දරුවන්ගේ සුභසාධනය ප්‍රවර්ධනය කිරීමට සියලුම රටවල් දිරිමත් කිරීමය.
එසේම අද දිනය ලෝක වැඩිහිටි පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනයද වෙයි. එක්ෂත් ජාතීන්ගේ මහ සභාව විසින් 1990 දෙසැම්බර් 14 දින කරන ලද යෝජනාව මගින් ඔක්තෝබර් 1, වැඩිහිටි පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කරන ලදී.
1959 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශය සම්මත කරන ලද අතර එය දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය රැකවරණය, නවාතැන් සහ හොඳ පෝෂණය සඳහා වන අයිතිවාසිකම් නිර්වචනය කරයි.
නමුත් මේ සියල්ලටම ඉහලින් යමින් ශ්‍රී ලංකාවේ ළමුන් වෙනුවෙන්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සැබෑ ලෙසම කටයුතු කරන්නේද යන්න වෙනමම සොයා බැලිය යුතුය. අප මාධ්‍ය ආයතනයක් ලෙස කෙටි කාලයක් තුල වාර්තාකරණ ලද වීරකැටියේ පාසල් සිසුවා වෙනුවෙන් තවමත් යුක්තිය ඉටු වී නැත. එසේම ගොඩකවෙලදී දරුවෙකුට පහර දුන් පාසල් ගුරුවරයාට එරෙහිව අධ්‍යාපන විනය බලදාරින් කිසිවක් සිදුකර නැත. ඒ සිසුවාට එම පාසලෙන් ඉවත්ව යාමට සිදුව තිබුණි. එසේම රත්නපුර ඇලෝසියස් විදුහලේ විදුහල්පතිට විරුද්දවද කිසිම විනය පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භව නැති අතර ඔහු සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට බලපෑම් කරමින් සිටි. ඒ සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙකු මැදිහත්ව තිබේ.
එසේම ලංකාවේ බොහෝ ප්‍රදේශවලදී දරුවන්ට සිදුවන අසාධාරනකම් වලට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග වෙනුවට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තෙම්න්තුව සහ අධ්‍යාපන බලධාරීන් එකතුව එක පැත්තක් ගෙන කටයුතු කරන අතර ඒවායින් දිගින් දිගටම දරුවන්ට සිදුවන හානිය වැඩි වී තිබේ. එසේම වෙනත් කාරණාවලදී දරුවන්ට සිදුවන හානිවලදීද ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු ඉතාම මැනවින් සිදුවන බව දක්නට ලැබෙන අතර සමහර අවස්ථාවලදී පමණක් නීතිමය කටයුතු යටගසන ආකාරයන්ද දක්නට තිබේ.
එබැවින් ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් වගකිව යුතු ආයතන මැනවින් කටයුතු නොකර යහපත් දරු පරපුරක් නිර්මාණය නොවන බව වගකිව යුත්තන් දැනගෙන සිටියත් ඔවුන්ට ඒවයින් කිසිදු පාලක නොමැති බව පැහැදිලිවම දක්නට තිබේ.