2022ඔක්තෝම්බර් මස 05 දින උදෑසන 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද කාලගුණ නිවේදනය .
පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.