නදුන් චින්තක නොහොත් හරක් කටා ඩුබායිහිදී අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔහු ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුවන බවත් සඳහන් කරමින් විවිද පුවත් ගණනාවක් පසුගිය කාලය තුල වාර්තාවිය. නමුත් මේ වනවිට ඔහුව නිදහස් කර තිබෙන බවත් එය ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රමාදයක් නිසා සිදුව තිබෙන බවද ලංකා සර වාර්තා කර තිබේ.
එය අනාවරණය වී තිබෙන්නේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාලෝචන රැස්වීමකදී බවද වාර්තා කර තිබෙන අතර එය කඩිනම් කරන ලෙස ඔහු නියෝග දීමත් සමගම නදුන් චින්තක නිදහස් කර තිබේ.
කෙසේ නමුත් ඉන් කියවෙන්නේ මෙරට ආරක්ෂක අමාත්‍යාංශය තුලත් මත්ද්‍රවය සහ පාතාල සාමාජිකයන් සමග සබඳකම් පවත්වන පුද්ගලයන් සිටින බවත්, ඔවුන් විසින් නදුන් චින්තක ලංකාවට රැගෙන ඒම හිතා මතම ප්‍රමාද කර තිබෙන බවයි. එසේම මේ වන විට ත්‍රිවිධ හමුදාව හැර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් කිහිප දෙනෙකු ප්‍රධාන පෙලේ තහනම් මත්ද්‍රවය ව්‍යාපාරිකයන් සහ පාතාලය සමග සබදකම් පවත්වන බවට අනාවරණය වී තිබේ. එසේම රට පුරාම මත්ද්‍රවය බෙදාහරින ප්‍රාදේශීය පුද්ගලයන් සමග සමීප සබදතා පවත්වමින් ඔවුන්ට ආධාර උපකාර කරන පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් පොලිස් ස්ථානවල සේවය කරන අතර ඔවුන්ට ලබා දෙන ඔත්තු අපරාධකරුවන් අතටම පත්වෙන සිද්ධි විශාල වශයෙන් වාර්තා වෙමින් පවතී. එසේම ගිනි අවි 134 ක් පාතාලයට ලබා දීමට කටයුතු කල බවට චෝදනා ලබා අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටි නිලධාරීන් නැවතත් සේවයේ පිහිටුවා තිබේ.
කෙසේ නමුත් ගිනි අවි පාතාලයට සහ මත්ද්‍රවය වෙලදාම් කරුවන් සමග සබදකම් පවත්වමින් ඔවුන් දිගින් දිගටම අපරාධකරුවන් බවට පත්කරමින් අවසානයේ ඔවුන් මරා දමන ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය වෙනස් විය යුතුය. ඒවාට සම්බන්ධ පුද්ගලයන් සක්‍රීය සේවයේ තබාගැනීමෙන් යහපත් පොලිස් සේවයක් නොලැබෙන අතර විශේෂ කාර්ය බලකාය වැනි වටිනා ආයතනද දිනෙන් දින විනාශයට පත් වේ.
එබැවින් මේ වෙන්නේ මොනවාද යන්න, රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාවට එරෙහිව සිදුවන මේ දූෂිත නොහොත් අවිචාරවත්, නරකාදියට ගිය එකිනෙකා මරා ගන්නා රටක් බිහි වීමට ඉඩ නොදී අවශ්‍ය කටයුතු සිදුකිරීමට ආරක්ෂක ලේඛ්මවරයාට දැඩි වගකීමක් තිබේ. ප්‍රථමව මේ දූෂිත ආරක්ෂක අංශ සාමාජිකයන් සොයා මෙහෙයුමක් ආරම්භ කරීමට ආරක්ෂක ලේඛ්ම්වරයට සිදුවන අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු පවා ඇල්ලීමට ලේඛ්ම්වරයාට සිදුවනු ඇත. නමුත් එය සිදුවේද යන්න කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි නමුත් වැඩි දිනක් නොගිහින් මෙරට වැඩි හිටි ජනතාව තමන්ගේ දු දරුවන් මත්ද්‍රවයවලින් බේරාගැනීමට ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව පාරට බසිනු ඇත.