පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ,කෙටි, මාධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබද ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පත්කර ඇත.
පාර්ලිමේන්තුව සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විසින් එම අනු කමිටුවේ සභාපති ධූරය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර අලි සබ්රි අමාත්‍යවරයා විසින් එය ස්ථිර කළ බවයි.
එහිදී රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිපත්ති, ධීවර හා ආහාර ප්‍රතිපත්ති, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති සහ ව්‍යවසායකත්වය පිළිබඳ පතිපත්ති නවීකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා එම ක්ෂේත්රයන් විශේෂයෙන් අනු කමිටුව හමුවට කැඳවීමට සාමාජික මන්ත්‍රීවරුන් එකඟතාවය පළකර ඇත.
එම අනු කමිටු සාමාජිකයන් එම අදහස් හා යෝජනා අනුව කෙටිකාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යකාලීන යෝජනා දෙමසක් ඇතුළතත් දීර්ඝකාලීන යෝජනා තුන් මසක් ඇතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පලකර ඇත.