ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ 2022 අගෝස්තු 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි විදුලි ඒකකයක් සඳහා වන ගාස්තුව රු.32ක් වනු ඇති බවයි.
ආගමික සිද්ධස්ථාන සඳහා එසේ විදුලි ගාස්තු සහන ලබාදෙන බවයි එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව විදුලි ඒකක 180ට වැඩි ප්‍රමාණයක් භාවිතා කරන ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ , විදුලි ඒකක 60ට අඩුනම් ඒකකයක් සඳහා රු.12ක් ලෙසත් ඒකක 90ක් භාවිතා කරන්නේ නම් ඒකකයක් රු.16ක් අය කරන බවත් ඒ අනුව අඩු ආදායම් ලාභී ජනතාව සඳහා අවශ්‍ය සහනාධාර මේ වන විටත් ලබා දී ඇති බවත් ය.