කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (10) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වල ද ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
විශේෂයෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි.