රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ වෛද්‍ය පීඨයට ඇතුලත් වූ නවක සිසුන්ට නවක වදය ලබා දීමේ සිද්ධියක් මුල් කරගනිමින් එම සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පන්ති තහනමක් පනවා ඇත.
රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් 200 කට වැඩි පිරිසකගේ මෙලෙස පන්ති තහනම් කර ඇති බව වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ මහතා පවසන ලදී.