රුපියල් කෝටියකට අධික මුදලක් සමාජ මාධ්‍ය ඔස්සේ වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ රු.11,627,175ක මුදලක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබා දෙන බව සඳහන් කරමින් සිය බැංකු ගිණුම වෙත තැන්පත් කරගෙන ඇත.
ඒ අනුව පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු, මුදල් වංචා කිරීම, සාපාරධී සාවද්‍ය පරිහරණය, සාපරාධි විශ්වාසය කඩ කිරීම හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
හිඹුටාන, අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් වන පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරයි.