කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයේ දක්වා ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.
මේ අතර මිලිමීටර් 159.0ක තද වැසි තත්ත්වයක් කළුතර දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇත.
මෙය දැනට දිවයිනේ ලැබී ඇති වැඩිම වර්ෂාපතනය ලෙස ඔවුන් සඳහන් කරයි.
ගාල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර ඇත.
එමෙන්ම විශේෂයෙන් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් මස 19 වනදා තෙක් මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය පවතින බවයි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,