2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවක ඉසව්වෙන් ලෝකඩ පදක්කමකින් ලක් මව සැරසීමට සමත් වූ යුපුන් අබේකෝන් දිවයිනට පැමිණ ඇත.
අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යුපුන් උණුසුම් ලෙස පිළිගැනීමට මළල ක්‍රිඩා බලධාරීන් පවා ගොස් සිටි බව වාර්තා වේ.
ලක් මව ජාත්‍යන්තර ඉදිරියේ ලෝකඩ පදක්කමකින් සරසමින් පැමිණි යුපුන් මාධ්‍ය වෙත ඔහුගේ සතුටට ප්‍රකාශ කිරීමට අමතක නොකළේය.
ඔහු විසින් මෙම වසරේ ලබා ගන්නා ලද විශිෂ්ඨ ජයග්‍රහණ සම්බන්ධයෙන් ඔහු එහි දී අදහස් දක්වන ලද අතර ඔහු ඉතා ආඩම්බරයෙන් සඳහන් කළේ මේ වන විට ඔහු ලොව පවත්වන සියලුම ධාවන තරඟ සඳහා මේ වන විට ඔහු සහභාගී වී ඇති බවයි.
ලොවක් ඉදිරියේ ණය බරින් තෙරපෙමින් පීඩා විඳිමින් , රටක් වශයෙන් ආර්ථිකව කඩා වැටී ඇති පසුබිමක් තුළ මොහු රටට රැගෙන ආ මෙම ජයග්‍රහණය අප රටට මහත් ගෞරවයක් වනු ඇත.
මීට ඉහත දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය මෙන්ම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු දැල්පන්දු ක්රසලානය රැගෙන ඒමට ද සමත්වූ අතර එවැනි ජයග්‍රහණ ආර්ථික ගැටලු හමුවේ පීඩා විඳින ජනතා හදවත්වලට මහත් අස්වැසිල්ලක්ම විය.