අයහපත් කාලගුණික තත්වය මත ඇති වූ තද සුළගක් හේතුවෙන් අඹ ගසක් කඩා වැටීමෙන් ඊට යට වී ඊයේ (18) රාත්රීයේ පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ අටබාගේ වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි 63 හැවිරිදි එක්දරු පියෙකි.
සිය මාමණ්ඩියගේ දේහය නිවසේ තැන්පත් කර තිබූ පසුබිමක එම දේහයට තනි රකිමින් සිටි මෙම පුද්ගලයා ඊයේ රාත්රී 12ට පමණ නිවසට පැමිණෙන මාර්ගයට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඇති වූ සුළන් තත්වයක් හේතුවෙන් අසළ තිබූ අඹ ගසක් ඔහුගේ හිස මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
කෙසේ හෝ අඹ ගස කඩා වැටී තිබුණද ඊට පුද්ගලයෙකු යට වී ඇතැයි අවට පිරිස් දැන සිට නොමැත.
අද (19) උදැසන කඩා වැටුණු අඹ ගසේ අතු ඉවත් කිරීමේදී මියගිය පුද්ගලයාගේ සිරුර හමු වී ඇත. එමෙන්ම ඒ වන විටත් මියගිය පුද්ගලයාගේ මාමණ්ඩියගේ දේහය නිවස තුළ අවසන් කටයුතු කරමින් තිබු බව වාර්තා වේ.