ඊයේ (19) දින අම්බලන්ගොඩ මාදම්පා ගඟේ මෝය කට ආසන්නයේ දිය නෑමට ගිය සිසුන් තිදෙනෙකු දියේ ගිලී ඇති බව වාර්තා වේ.
එක් සිසුවෙකු අසළ සිටි පුද්ගලයෙකු විසින් බේරාගෙන ඇති අතර දියේ ගිලී අතුරුදහන් වූ සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.
එමෙන්ම තවමත් අතුරුදන් වී ඇති සිසුවා සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව ද වාර්තා වේ.