මෙරට මුහුදු සිමාවේ අනවසර ධීවර කටයුතුවල නිරතව සිටින ඉන්දීය ධීවරයින් පළවා හැරීම සදහා නාවික හමුදාව විසින් ඊයේ (19) රාත්‍රී උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු රැගත් යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර ඇත.
එලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් තිදෙනා සහ යාත්‍රාව කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ඒමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු සදහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදීමට නියමිතව ඇත.