අද (20) විපක්ෂයේ දේශපාලන පක්ෂ පසුගියදා විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව ඒකමතිකව සම්මත කරගන්නා ලද යෝජනාවකට අනුව “පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීම මැයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.
එම අවබෝධතා ගිවිසුමට එළඹ ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැසීමේ ආණ්ඩුවේ ප්රයත්නයන් පරාජය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් ය.
මෙය සංවිධාන කටයුතු නිදහස ජාතික සභාව විසින් සිදුකළ අතර ජාතික ජන බලවේගය හැර විපක්ෂයේ සියලුම පක්ෂවල නියෝජිතයින් පාර්ලිමේන්තු කමිටු කාමරයක පැවති මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.
මෙම අවබෝධතා ගිවිසුමට එම පක්ෂයන්ට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද අත්සන් තබා ඇත.
ගිවිසුමට අත්සන් තබන ලද සාමාජිකයින් පහතින්,