කොළඹ කුරුණෑගල ප්රධාන මාර්ගයේ අලව්ව වලකුඹුර ප්රදේශයේ දී ත්රීරෝද රථයක් ටිපර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
එම අනතුරින් ත්රීරෝද රථයේ සිටි කාන්තවක් සහ ඇයගේ පුත්රයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මවගේ වයස අවුරුදු 42ක් වන අතර පුත්රයාගේ වයස අවුරුදු 18ක් බව වාර්තා වේ.
අනතුරින් මියගිය කාන්තාවගේ සැමියා සහ තවත් පුත්රයෙක් තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇත.
මොවුන් බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය ප්රකාශ කරයි.
ටිපර් රථයේ රියදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු අලව්ව පොලිසිය විසින් සිදුකරයි.