පසුගිය දිනවල ඩයනා ගමගේ මන්ත්‍රීවරිය දැඩි ලෙස කතාබහට ලක් වූ චරිතයක් විය. එයට හේතුව වූයේ කංසා ශාකය නීතිගත කිරීම වෙනුවෙන් විශාල හඬක් නැගීමයි.
මේ අතර කංසා වගාව මෙරට නීතිගත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂ කමිටුවේ ඉදිරි රැස්වීම්වලදී කඩිනමින් අවසන් තීරණයක් ගන්නා බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රකාශ කර ඇත.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරිය සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ රාත්‍රී ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවයි. ඒ අනුව රාත්‍රී සමාජශාලා ආදිය රාත්‍රී 10 න් පසුවත් විවෘත කර තැබිය යුතු බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
එසේම වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ කංසා දුමක් ලෙස පානය කිරීම ශරීරයට අහිතකර නොවන බවයි.
කෙසේ වෙතත් ඩයනා ගමගේ අමාත්‍යවරියගේ ප්‍රකාශයන් සළකා බැලීමේදී එම ප්‍රකාශයන් ලාංකික සමාජයට සහ සංස්කෘතියට කෙතරම් දුරට ගැළපෙනවාද යන්න ප්රශ්නයකි.