වනජීවී දෙපාර්තමේන්තුව විසින් යාල වනෝද්‍යානයේ දී වනසතුන්ට හිංසා වන අයුරින් කටයුතු කළ පුද්ගලයින් පිරිසකට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇත.
කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යාල වනෝද්‍යානය තුළ වනසතුන්ට හිරිහැර වන ලෙස වාහනවලින් ගොස් හැසිරුණු පු්ගලයින් සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා ලෙස වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ යාල වනෝද්‍යානය තුළ එසේ අනිසි ලෙස හැසිරුනු පුද්ගලයින් සම්බන්ධ සියලු තොරතුරු , ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් හා වාහන අංක මෙන්ම එසේ හැසිරුනු බවට සනාථ කළ හැකි සියලුම සාක්ෂි ඔවුන් සතු බවයි.
ඒ අනුව වනජීවි අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එම පුද්ගලයින් සියලුදෙනාට එරෙහිව නඩු පැරීමට මේ වන විට තීරණය කර ඇති බවයි.