ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ඔස්ට්‍රේලියාව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
මෙවර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙක් ආබාධයන්ට ලක් වීමත් සමග ඔවුන් වෙනුවට මෙම ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් වශයෙන් එරටට කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ කැඳවන ලද ක්‍රීඩකයින් වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලයි.