විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යංශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
තව ද කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පැවති සීමා සහිත ලංකා පොස්පේට් සමාගම සහ කර්මාන්ත අමාත්‍යංශය යටතේ පැවති බරොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද එම අමාත්‍යංශවලින් ඉවත් කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම අදාළ ගැසට් නිවේදනයට අනුව සමාජගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ සීමා සහිත ලංකා පොස්පේට් සමාගම කර්මාන්ත අමාත්‍යංශය යටතට පත්කර ඇති බව වාර්තා වේ.
ඒත් සමග ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන මෙන්ම රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද තාක්ෂණ අමාත්‍යංශය යටතට පත්කර ඇති බව ඒම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මෙම සංශෝධනයන් අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.