රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනයන්හි හිඟ විදුලි බිල්පත් පවතින්නේ නම් එම බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට තීරණය කර ඇත.
ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.
මේ වන විටත් රජයේ ආයතන රාශියක හිඟ විදුලි බිල්පත් අය කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.