ඊයේ (01) දින සමගිජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගිවිසුමකට එළඹ ඇත.ඒ අද (02) කොළඹ එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති විරෝධතාවයට සහය පළ කිරීම සම්බන්ධවයි.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම, ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (02) විරෝධතා පා ගමන සංවිධානය කර ඇත.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ සිවිල් සංවිධාන කිහිපයක් මෙම විරෝධතාවයට සහය පළ කරමින් එකඟතා ගිවිසුමක් අත්සන් කර ඇත.
කෙසේ වෙතත් ගාලු මුවදොර අරගලයට සම්බන්ධව සිටි බ්ලැක් කැප් මුමන්ට් සංවිධානය මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කර ඇත්තේ තම සංවිධානය අදාළ විරෝධතා පා ගමන සඳහා සහභාගී නොවන බවයි.
එසේම ලංකා වාණිජ මණ්ඩලය,ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, තරුණ ලංකා ව්‍යවසායකයින්ගේ මණ්ඩලය , ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය , ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ඇතුළු වාණිජ මණ්ඩල 06 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පැවැත්වීමට නියමිතව ඇති විරෝධතාවය වහාම නතර කරන ලෙසයි.
මේ තුලින් සිදු වන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව වත්මන් ආර්ථික අර්බුධය විසඳීමට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ වන බවත් භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තමන් පිළිගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
අද (02) දින පැවැත්වීමට නියමිත මර්ධනයට එරෙහි පා ගමනට සහභාගී වන බව නිළ වශයෙන් දැනුම් දී ඇති ඒකාබද්ධ ගිවිසුමට අත්සන් තැබූ දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් පිළිබඳව වාර්තා වේ. එය පහතින් දක්වා ඇත.
දේශපාලන පක්ෂ
01.සමගි ජන බලවේගය
02.දෙමළ ජාතික සංවිධානය
03.පෙරටුගාමී සමාජවාදී පක්ෂය
04.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
05.නිදහස ජනතා සභාව
06.43 සේනාංකය
07.එක්සත් සමාජවාදී පක්ෂය
08.දෙමළ ප්රගතිශීලි සන්ධානය
09.නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය
10.අනුර ප්‍රියදර්ශන ,චන්දිම වීරක්කොඩි ඇතුළු කණ්ඩායම
11.ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය
12.අගිල ඉලන්ගයි මුස්ලිම් කොන්ග්රස් සමාජවාදී පක්ෂය
සංවිධාන
01.ලංකා ගුරු සංගමය
02.අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය
03.ලංකා බැංකු සේවක සංගමය
04.තරුණ නීතිඥ සංගමය
05.ශ්‍රී ලංකා තරුණ ජනමආධ්යවේදීන්ගේ සංගමය
06.කම්කරු අරගල මධ්‍යස්ථානය
07.එක්සත් කම්කරු සම්මේලනය
08.සමගි කාන්තා බලවේගය
09.මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
10.ගෝල්ෆේස් අරගලකරුවෝ
11.ලංකා වතු සේවා සංගමය
12.තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
13.යුතුකම ලංකා
14.ෆැක්සිස් සාමුහිකය
15.ජනතා වෘත්තික මධ්‍යස්ථානය
16.ෆ්රොටෙක්ස් සංවිධානය
17.ප්‍රගති ගුරු සංගමය
18.ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය
19.ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය
20.සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය
21.රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය
22.ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය
23.ඒකාබද්ධ ගුරුසේවා සංගමය
24.රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය
25.ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය
26.මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
මිට අමතරව ගිවිසුමට අත්සන් නොකළ තවත් සංවිධාන සහ වෘත්තීය සමිති 150 කට ආසන්න ප්‍රමාණයක් විරෝධතා පා ගමන සඳහා සහභාගී වන බවට ආරංචි ලැබී ඇති බව වාර්තා වේ.
මේ අතර අද (02) වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත සාමකාමී පා ගමන සම්බන්ධව ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන්ව ඇත්තේ මෙම පා ගමන සඳහා පොලිසියෙන් අවසර ලබා ගත යුතු බවට පොලිසිය විසින් නීති විරෝධී ලෙස දැනුම් දී ඇති බවයි.
මේ පිළිබඳව පා ගමනට සම්බන්ධ පාර්ශ්වයන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව අදාළ නිවේදනයේ සදහන්ව ඇත.ඒ අනුව පොලිස් ආඥා පනතේ 77 වෙනි වගන්තිය ප්‍රකාරව පොලිසිය විසින් මෙලෙස සාමකාමී විරෝධතා පා ගමනට අවසර ලබා ගන්නා ලෙස දන්වා ඇති බව එම පැමිණිල්ලේ සඳහන්ව ඇත.
කෙසේ වෙතත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දක්වන මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරන්නේ පොලිස් ආඥා පනතේ පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා අවභාවිතා නොකළ යුතු බවයි.
මෙම පා ගමන සිදු වන අවස්ථාවේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වුවහොත් ඒ තුළින් රටට අහිතකර බලපෑමක් සිදු වන බවත් මෙම පා ගමන නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමොෂන් සභාවේ නිලධාරි කණ්ඩායමක් යෙදවීමට අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.