වයස අවුරුදු 29ක් වන තරුණියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවක් ඇතුළු චෝදනා 04කට ඔස්ට්‍රෙලියා පොලිසිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනින.
ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝස් බේ හි නිවසකදී අදාළ තරුණියට ලිංගික අතවර සිදුකළ ඇති බවට සඳහන් වේ.
ඒ අනුව වයස අවුරුදු 31ක් වන මෙම ක්‍රීඩකයා ඊයේ (05) දිනයේ දී සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර අද (06) දිනයේ Sydney City පොලිසිය විසින් පැරමැට්ටා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
එහි දී ඔහුට එල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී.
අතවරයට ලක් බවට සඳහන් කරන තැනැත්තිය ධනුෂ්ක ගුණතිලක හමුව ඇත්තේ Dating App හරහා මිතුරු වෙමින් දින කිහිපයක සිට දුරකතන සංවාදයේ යෙදීමෙන් අනතුරුව බව වාර්තා වේ.
අදාළ තරුණිය පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ එසේ හමු වූ මොහොතේ සැකකරු විසින් තරුණියට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කර ඇති බවයි.
ඒ අනුව මේ වන විට ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් රාජ්‍ය අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විසින් ද ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.