වහාම ක්රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
මිල සූත්රයට අනුව කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු80 කින් ඉහළ දමන ලදී.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රු.4360ක් ලෙස දැක්වේ.
එමෙන්ම කිලෝග්රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රු.30 කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර එහි නව මිල රු.1750 ක් ලෙස දැක්වේ.
මේ අතර කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රු.15 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු.815ක් වශයෙනි.
ලෝක වෙළලදපොළ ගෑස් මිල ගණ් ඉහළ යාමට සාපේක්ෂව මෙසේ මිල ඉහළ දැමීම සිදුකරන බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන ලදී.