හික්කඩුව අමරසේන මාවත දුම්රිය හරස් මාර්ගයේදී නොසැලකිලිමත් ලෙස දුම්රිය පැමිණෙන අවස්ථාවේ ත්‍රිරෝද රථයක් හරස් මාර්ගයට යොමු කිරීම නිසා ගාල්ලේ සිට අලුත්ගම දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත.
එහිදී මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පිටුපස අසුනේ ගමන් කළ පුද්ගලයෙකුද බරපතල තුවාල ලබා ඇත.
කෙසේ වෙතත් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය නිසා දිනකට අනතුරු විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළින් වාර්තා වේ.එම අනතුරු වළක්වා ගැනීමට නම් මාර්ග නීති පිළිපදිමින් හා ස්වයං විනයක් පවත්වා ගනිමින් රථවාහන ධාවනය කළ යුතු වේ.