ඊයේ (12) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් නියෝජිත පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අතර සාකච්චාවක් පැවැත් වුණි.
එහිදී නව බදු ප්රතිපත්තීන් යටතේ වෛද්‍යවරුන්ට වැටුපට අමතරව ලබාදෙන ඉන්ධන දීමනා වැනි දීමනා වලටද එය වටුප ලෙස සළකා බදු අය කිරීම අසාධාරණ බව අනුරාධපුර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
එසේම වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වලට මෙලෙස බදු අය වන්නේ 2019 වර්ෂයේ පැවති බදු ක්‍රමය තුලින් බව එහිදී වෛද්‍යවරු විසින් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මෙහිදී රට තුළ පවතින් ඖෂධ අර්බුධය, පෝෂණ ගැටළු හා වෛද්‍යවරුන් රට හැර යාම වැනි අර්බුධ තත්වයන් පිළිබඳව සාකච්ඡා කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට රට තුළ පෝෂණ ගැටළු ,වෛද්‍යවරුන් රට හැර යාම ,ඖෂධ අර්බුධ වැනි බොහෝ අර්බුධකාරී තත්වයන් නිර්මාණය වී ඇති පසුබිමක අදාළ බලධාරීන් තවමත් මුණිවත රැකීම කණගාටුවට කරුණකි. නමුත් මේ වන විටත් ඒ ආකාරයෙන්වත් මුදල් නොලැබෙන, රැකියා නොමැති සහ කුස ගින්නේ සිටින මිනිසුන් දහස් ගනනක් මේ රට තුල ජීවත් වන බව වෛද්‍යවරුන්ද දැනගත යුතුය.
එසේම රජයෙන් ලබා දෙන වැටුපට වඩා වැඩි මුදලක් තම පෞද්ගලික සායනයෙන්ද මුදල් හොයන ඔවුන්ට විවිධ බෙහෙත් සාප්පු ( ඖෂද අලෙවිසල්) වලින්ද කොමිෂ් මුදලක් ලැබේ. කෙසේ වුවත් අප සදහන් කරන අකාරයෙන් මුදල් පසුපස නොයන සැබෑ වෛද්‍යවරුද ශ්‍රී ලංකාවේ සිටිති. නමුත් මේ මහජනතාවගේ බදු මුලින්ම තමන්ගේ ජීවිතය මෙන්ම දු දරුවන්ගේ අනාගතයද සකසාගෙන තිබෙන වෛද්‍යවරුන් මේ වෙලාවේ කටයුතු කළ යුත්තේ දෙවිවරුන් සේය.