රාජ්‍ය ආයතන සහ ව්‍යවසාය 420ක් රජය මගින් නඩත්තු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ අතරින් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් පාඩු ලබන බව ත් ඒවායේ වසරක පාඩුව රුපියල් බිලියන 86ක් බව ඔහු පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා අවධාරණය කළේ, එම ආයතන සහ ව්යවසයාස පිළිබඳව ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව ය.
එමෙන්ම තරුණ තරුණියන්ගේ යහපත් හෙට දවසක් වෙනුවෙන් උද්ඝෝෂණ, අරගල, වැඩවර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය අලුත් ප්‍රවේශයක්, අලුත් වැඩපිළිවෙලක් මගින් තරුණ තරුණියන්ගේ අපේක්ෂාවලට ගැළපෙන නව ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළේය.
2023 අයවැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැළපෙන නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය ඇරඹෙන බවත් රටක දීර්ඝ කාලීන (2023-2048) සංවර්ධනයට පදනම් වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවන බවත් අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.
මේ අතර සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන ලෙස නව ගමන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් වෙනුවට තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට ගැළපෙන ආර්ථිකයක් නිර්මාණය කරන බවත් ලෝකයේ නව ප්රවණතාවන්ට ගැළපෙන ලෙස අලුත් ආර්ථික පදනමක් සකස් කර ගත යුතු බවත් ජනපති අවධාරණය කළේය. දිළිඳු හා අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලා ගැනීමට ද මෙහිදී පූර්ණ අවධානය යොමු වී ඇති බව ද එහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
එමෙන්ම පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය පහසුකම් සපයන, ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායී කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කරන බවත්, අපනයනය මූලික කරගත් තරගකාරී ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරන බවත්, තව ද පරිසර හිතකාමී හරිත හා නීල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් කෙරෙහි නව ආර්ථික වැඩපිළිවෙළෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ත්‍රෛලෝක විජය පත්‍ර භෝග අපනයනය කිරීම සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බව ද ජනපති සඳහන් කළේ ය.
විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරන බව සඳහන් කළ අතර එහිදී අවුරුදු 18ට වැඩි සෑම කෙනෙකුට ම බදු ගොනුවක් විවෘත කළ යුතු බව ප්‍රකාශ කල ද බොහෝ අය බදු ගෙවීමේ තත්ත්වයෙන් පහළ සිටින බව ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය වියදම් දැඩි ලෙස පාලනය කිරීම සඳහා චක්‍රලේඛන උපදෙස් ගණනාවක් නිකුත් කර ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැන්වීමට අවසර ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අවුරුදු 18ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන බව ය.
කෙසේ වෙතත්, එය අනිවාර්ය නොවන බව ඔහු සඳහන් කළේ ය.
මේ අතර, 2023 වසර අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දිය හැකි වේවි යැයි සිතන බව ත් පෞද්ගලික අංශයටත් ඒ වන විට සහනයක් දෙන්නට දෙන්න බලාපොරොත්තු බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන හැත්තෑපස් දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව 75ක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එමෙන් ම, විශ්වවිද්‍යාලවල උසස් අයුරින් අධ්‍යාපනය ලබන සිසුන් 75 දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව දෙන බවත්
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යටතේ ද නව වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200ක් වෙන් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
ලංකා ඉතිහාසය හා පර්යේෂණය කිරීම සඳහා පිහිටුවීමට ආයතනයක් පිහිටුවන බවත් ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරන බව ත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.
මේ අතර, රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතු බව ත් සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් කිරීම අභියෝගයක් වී ඇති බව ත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
එම නිසා ගැළපෙන පරිදි රාජ්‍ය සේවය සැපයීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව ඔහු පැවසීය.
බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා කරන අතර ඉදිරි වසර කිහිපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 2023 වසර සඳහා වන අයවැය අද (නොවැ. 14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.