හංවැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නර්තන ගුරුවරයෙකු විසින් ජාතික ගීය ශබ්ද නඟා ගායනා නොකළා යැයි පවසමින් සිසුවෙකුගේ හිසට පහර දීමේ සිද්ධියක් වාර්තා වේ.
9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාළ සිසුවාට උදෑසන රැස්වීම අතරතුරදී මෙම පහර දීම සිදුකර තිබෙන අතර දරුවාගේ මව විසින් පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එම නර්තන ගුරුවරයා සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය දිනවල මෙවැනි සිදුවීම් රැසක් වාර්තා වූ අතර ඇතැම් ගුරුවරු නිසා සමස්ත ගුරු වෘත්තියටම කැළලක් සිදු වී තිබේ.එසේම ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා කර ගැනීමේ වගකීම තිබෙන්නේ ගුරුවරයා සතුවම බව සිහිපත් කිරීමට කැමති ය.