අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ 2023 ජනවාරි මස සිට දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දහවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ කරන බවයි.
රු.කෝටියකට වැඩි වටිනාකමකින් යුක්ත වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ නියමු වැඩසටහන කුමර විදුහලෙන් ආරම්භ කළ බවයි කොටහේන කුමර විදුහලේ ඊයේ (15) සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
රටේ පවතින ආර්ථික තත්ව්ය හමුවේ පාසල් සිසුන්ට අවශ්‍ය පෝෂණය නොලැබෙණ බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පිළිගන්නා ලදී.
පාසල් ළමුන් සඳහා ලබාදෙන දිවා ආහාර වැඩසටහන සඳහා ද රජය වැඩි මුදලක් වෙන්කර ඇති බවත් රජය විසින් පාසල් සිසුන්ගේ දිවා ආහාර වේල සඳහා රු.බිලියන 04ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.