මෙම ගෙවී ගිය සතිය තුලදී රැකියා සදහා කොරියාව බලා පිටව ගිය පිරිස 301ක් ලෙස දැක්වේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සදහන් කළේ එහි පළමු කණ්ඩායමේ රැකියාලාභීන් 134ක් සහ දෙවන කණ්ඩායම ලෙස රැකියාලාභීන් 132ක් කොරියාව බලා පිටව ගොස් ඇත.
එන්න එන්නම ආර්ථිකයෙන් බැට කන සිය දුප්පත් පවුල පෝෂණය කිරීමට මෙන්ම ඇතැම් තරුණයින් ශ්‍රී ලංකාව තුල තමන්ට ළඟාකර ගත නොහැකි අපේක්ෂාවන් මල්පල ගන්වාගැනීමේ අහිංසක බලාපොරොත්තු කැටි කරගෙන සිය ආදරණියන් හැර දමා විදේශයන් වෙත මෙසේ පිටව යයි.
බලයට ධනයට කෑදර බලා ලෝභින් හමුවේ විනාශව ගිය සිය සිහින කෙසේ හෝ යලි ඉටුකර ගැනීමට ඔවුන් වෙර දරයි.නමුත් තවමත් ධනයට කෑදර අසික්කිත දේශපාලුවන් මේ අහිංසක තරුණ ජිවිත බිල්ලට දීම නවතා නොමැත.
මොවුන් රටට එවන විදේශ විනිමයට හෝ වටිනාකමක් ලබා දීමට මේ බල ලෝභින්ට අවශ්‍යතාවක් නොමැත.