චීනය සහ ශ්‍රී ලංකාව අතර ,මසකට කෙසෙල් මෙට්‍රික් ටොන් 2,000ක් අපනයනය කිරීම සදහා අත්සන් කෙරුණ ගිවිසුමක් කෘෂිකර්ම අමාත්‍යංශයේ නොසැලකිල්ල හේතුවෙන් අහිමිව ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ කෙසෙල් ගොවින් 150කගෙ ජිවදත්ත චීන රජයට ලබා දී කෙසෙල් චීනයට අපනයනය කිරීමට දෙරට අතර ඇතිකරගත් ගිවිසුමට අනුව සැලසුම් සකස් කර තිබේ.
අදාල ගිවිසුමට අනුව සතියකට කෙසෙල් මෙට්‍රික් ටොන් 500 බැගින් මසකට ටොන් 2000ක කෙසෙල් චීනයට අපනයනය කිරීමට සැලසුම් යොදා ඇත.
කෙසේ නමුත් අවසානයේ නිසි අවදානයක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් මෙම ගිවිසුම වෙත ලබා නොදීම හේතුවෙන් කෙසෙල් අපනයනය අහිමිව ගොස් ඇති බැවයි එම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ආචාර්ය.එච්.එම්.සුබහිඉන්කෙන්ද සදහන් කළේ.
රටේ ආර්ථිකය අඩියටම වැටී ඇති අවස්ථාවක රටට අදායමක් එන මෙවැනි අවස්ථාවන් පවා අහිමි කරගන්න රාජ්‍ය ආයතන ප්‍රධානින් වැටුප් ලබමින් සිදු කරන්නේ කුමක් ද.
මෙම අමාත්‍යංශ සදහා දේශපාලකන්, ලේකම්වරුන් මෙන්ම නොයෙක් වගකීම් දැරිය යුතු නිලධාරීන් පත්කර ඔවුන්ට වැටුප් ලබා දෙමින් අපේක්ෂා කරන්නේ එම කටයුතු නිසි ලෙස පාලනය වීමයි.නමුත් මොවුන් ආයතනවලට වී මෙවැනි අවස්ථා මගහැරෙන තෙක් නිදා සිටියා විය හැක.