දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඌරගහ ඉන්දිකගේ ගෝලයන් දෙදෙනෙකු මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරින් සමඟ සිදු වූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත් වී තිබේ.
ඒ අනුව මෙම සිද්ධියෙන් ජිවිතක්ෂයට පත් වී තිබෙන්නේ පොද්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.
එමෙන්ම මෙම සැකකරුවන් යක්කලමුල්ල ප්‍රදේශයේදී වයස අවුරුදු 04 ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන තිබේ.
එසේම විශේෂකාර්ය බලකායේ මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙන අතර මෙහිදී මියගිය පුද්ගලයන් සතුව තිබී T-56 වර්ගයේ ගිනි අවියක් ,බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයාගෙන තිබේ.
මේ අතර මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.