ඊයේ (18) මධ්‍යම රාත්රියේදී විනෝදයට යතුරුපැදි ඒ මේ අත පදවමින් සිටි තරුණයන් දෙදෙනෙකුගේ යතුරුපැදි මොරන්තුඩුව ගෝනදුව ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් තරණයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බව මොරන්තුඩුව පොලීසිය සඳහන් කර තිබේ.
ඒ අනුව අනතුරින් මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය, පනාපිටිය පාර පදිංචිව සිටි යසිරු සම්පත් ප්‍රනාන්දු සහ වාද්දුව දෙල්දුව අරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි සංදේශ් සුලෝචන පියරත්න නැමති 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
එසේම මෙලෙස මියගිය තරුණයන් දෙදෙනා තවත් තරුණයන් පිරිසක් සමඟ කළුතර බණ්ඩාරගම මාර්ගයේ ඒ මේ අත අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරමින් සිට ඇති අතර මියගිය තරුණයින් දෙදෙනාගේ යතුරුපැදි මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් අනතුර සිදු වූ මොහොතේ ඔවුන් සමඟ සිටි අනෙක් තරුණ පිරිස පළාගොස් තිබේ.
එමෙන්ම මොරන්තුඩුව පොලිසියේ නිලධාරින් පැමිණ බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනාව මොරන්තුඩුව ගෝනදූව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔවුන් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම් දෙස විමසා බැලීමේදී දෙමාපියන් වශයෙන් දරුවන් කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව පැහැදිලි වේ. මන්ද යත් අඩු වයසින් වාහනයක් අතට දීම තුලින් ඔවුන් අසීමිත නිදහසක් භුක්ති විඳින අතර යහළුවන් අතර කැපී පෙනෙන්නට උත්සහා කරයි.එසේම වටහාගතයුතු කරුණ නම් බහුතරයක් යහළුවන් තමාට විපතක් වූ අවස්ථාවේදී ළඟ නොසිටීමයි.ඒ බව මෙම සිද්ධියෙන් මනාව පැහැදිලි වේ.