අඛණ්ඩව යළිත් වරක් ලෝක වෙළඳපොල තුල බොරතෙල් මිල පහත වැටී ඇති බව වාර්තා වේ.
නවතම වාර්තාවල දැක්වෙන්නේ බොරතෙල් බැරලයක මිල 2%කින් පහළ ගොස් ඇති බවයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.16%කින් පහළ ගොස් ඩොලර් 87.62ක් ලෙස දැක්වෙන අතර, ඩබ්ලිව්.ටී.අයි.බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.56කින් පහත වැටී ඇත.
අද (19) දිනයේ එහි මිල සටහන්ව ඇත්තේ ඩොලර් 80.08ක් වශයෙනි.