දුක හදුනන අපි සංවිධානයේ සභාපති නිලන්ත රණසිංහ ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේදී නිරමුල්ලේ හෙවත් කොත්මලේ ඥානවිජය ස්වාමින්වහන්සේගේ දියසෙන් සම්ප්‍රාප්තිය පිළිබද සහ හාමුදුරුවරුන්ගේ නොයෙක් ජාවාරම් පිළිබද පදනම්වූ කරුණු රැසක් අනාවරණය කර තිබේ .
මොහු පවසන ආකරයට මෙම ස්වාමින්වහන්සේ පිළිබද මුලිනම් දැනගනිමට ලැබුණේ you tube මාධ්‍යක් ඔස්ස්සේද වන අතර පසුව කරුණු සෙවීමට ආරම්භ කර ඇති බව පවසන ලදී .මෙම ස්වාමින්වහන්සේ මුලිනම් 2003 වසර නාවුයන ආරාමයේ සිටි අතර ඒ කාලයේ පටන්ම දැනට පවති ධර්මය නොව සුමන සුත්‍රය ,පැරකුම් සුත්‍රය යන සුත්‍ර පදනම් කරගෙන දියසෙන් චරිතයක් මවාගෙන මුල සිටම කටයුතු කර ඇති අතර පසුව මැල්සිරිපුර ප්‍රදේශයේ වනයකට ගොස් උදේට පමනක් මිනිසුන්ට දැකගත හැකි ආකරයට එලියට පැමිණ තිබේ. මේ හේතුව නිසාම මිනිසුන් ලොකු පැහැදීමකින් ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති කරගෙන තිබේ. අවට ස්වාමින් වහන්සේලා මෙයට විරුද්ද වීම නිසා මේ ස්වමින් වහන්සේ හදුන්ගමුව ප්‍රදේශයෙ අරාමයකට ගොස් තිබේ. පසුව එහි වනයක් තුල ජීවත්ව සිටින අතර මොහු වටා විශාල මිනිසුන් ප්‍රමානයක් එකතු වී තිබේ. ඒ හේතුවෙන් එම ස්ථානයෙන්ද ඉවත් වී දැනට සිටින බව පවසන කොත්මලේ ප්‍රදේශයට පැමිණ මේ වන විට එහි වාසය කරන බව නිලන්ත රණසිංහ මහතා මෙම සක්ච්චාවේදී කරුණු දක්වන ලදී.
දියසෙන් කතන්දර සමාජගත කිරීම සිදුවූයේ ධර්මපාල මහතා විසින් බව මොහු ප්‍රකාශ කරයි. පසුව සුමන සූත්‍රයද කරලියට පැමිණ දියසෙන් කුමාරයෙක් බිහි වී අවරුදු 20 රට පාලනය කරන බවට මතයක් පැමිණ තිබේ. එසේම පැරකුම් සුත්‍රයට අනුව දියසෙන් කුමරෙක් බිහිවී මුළු ලෝකයම පාලනය කරන බවට පවසන ලදී. මේ සියල්ල පදනම් කරගෙන නිරමුල්ලේ හෙවත් කොත්මලේ ඥනවිජය ස්වාමින් වහන්සේ දියසෙන් චරිතය රගපාන බව මොහු විසින් මෙහිදී පවසන ලදී.
එසේම මේ ස්වාමින් වහන්සේ පැලද සිටින ඔටුන්න පිළිබදව කරුණුද ඔහු අනාවරණය කරන ලදී. සුමන සමන් දෙවියන් වන්සේට පුජාවක් වශයෙන් රනින් නිමකල ඔටුන්නක් පැලදිමට අවශ්‍ය බව පවසා මිනිසුන්ගෙන් මුදල් ගෙන ඔටුන්නක් සදවා එම ඔටුන්න මේ ස්වාමින් වහන්සේ පැලද සිටින බවද මෙය පිටුපස කාන්තවන් කිහිප දෙනෙක් සිටින බවටද වැඩිදුරටත් ඔහු සදහන් කරයි.
විශාල වශයෙන් ධනයක් ඇති ස්වාමින් වහ්නසේලා විගණනයකට රැගෙන යායුතු බවද මොහු විසින් පවසන ලදී.මෙතරම් මුදල් ප්‍රමානයක් ලැබෙන්නේ කෙසේද යන්න කරුණු සොයා බැලිය යුතුය යන්න මොහුගේ අදහසයි.
නිරමුල්ලේ හෙවත් කොත්මලේ ඥනවිජය ස්වාමින්වහන්සේ කළු සල්ලි ජාවාරම් කරන මන්ද මානසික රෝගියෙක් බවද මොහු සාකච්චාවේදී පවසන ලදී.
හාමුදුරු වරුන්ගේ විවිධ ජාවාරම් රැසක් පිළිබද කරුණු රැසක් මොහු විසින් මෙහිදී පවසන ලදී .සගසතු දෙපළ මහජනයටම විකුණා තමන්ගේ ගිණුම් වල දමාගෙන සැපවත් ජිවිත ගත කිරීම, වෙහෙර විහාර ඉදිකරන බව පවසා මුදල් ලබාගනිම ,ලංකාවේ සිටින උගතුන් සියල්ල මහන කර පිටරට යවා එහිදී සිව්රු ඇරීම මගින් ලංකාවේ නුගතුන් පමණක් ඉතිරි වීම ,දේශපාලන වේදිකා වලට මුදල් වලට හාමුදුරුවන් නැගීම හෙලා දැකිය බවට වන කරුණු කරුණු ලෙස මොහු පවසන ලදී. එමෙන්ම තෙල් ගාල ලෙඩ හොද කරන තවත් දියසෙන් කුමාරයෙක් වශයෙන් පෙනී සිටින හාමුදුරුනමක් කුරුණෑගල ප්‍රදේශයේ ඇති බවද මේ සියලු ජාවාරම්, දියසෙන් කුමාර වරුන් සියල්ලම සිටින්නේ කුරුණෑගල ප්‍රදේශයේද බවද පවසන ලදී.
අවසානයේ මොහු පවසනූ ලැබුයේ මේ සියලු ජාවාරම් කරුවන් මෙරටින් පන්නා දමා රට බේරාගැනීමට කඩිනමින් කටයුතු කල යුතු බවයි. එවිට රට විශාලා වශයෙන් දියුණු කරගත හැකි බවටද ඔහු පවසයි.
කෙසේ නමුත් ඔහු පවසන ආකාරයට එසේ එක කොටසක් පමණක් පන්නා දැමීමෙන් රටක් දියුණු කල නොහැක. ඒ සදහා සමාජ, ආර්ථික, දේශපාලන මෙන්ම ආගමික ලබ්දියෙන් යුතු ජන කොටසක් බිහිකළ යුතුය. එසේකිරිම සදහා එයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසිය යුතුය. තමන් පවසන ක්‍රමයට, තමන් සිතන ක්‍රමයට පමණක් රටක් ගොඩනැගිය නොහැකි බවට දැනටමත් උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවම ගත හැකිය.