දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙවර ද මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගීත්වයකින් තොරව සිදු කිරීමට තීරණය කර ඇති බවයි.එයට හේතුව වී ඇත්තේ රට තුළ දැනට පවත්නා අර්බුදකාරී තත්ත්වය යි. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙවර ඇසළ පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇති බව මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දියවඩන නිලමේවරයා කියා සිටියේ ය.
ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
අගෝස්තු 18 දින ඇරඹෙන පළමු රන්දෝලි පෙරහැර දින 05ක් පුරාවට පවත්වනු ලැබේ.ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිත වන්නේ අගෝස්තු 22 දිනය.
අනතුරුව අගෝස්තු 23 වන දින සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් දිය කැපීමේ මංගල්‍යය පවත්වා අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් කිරීමට නියමිතය.